ශ්‍රී ලංකා තරගය පරාජය වුණේ match-fixing (තරඟ පාවාදීම්) නිසා, ප්‍රබලයකුගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..!

Nalin Bandara Jayamaha Sri Lanka Cricket Sri Lanka Pakistan national cricket team
By Sewvandhi Nov 09, 2022 01:17 PM GMT
Report

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ගාල්ලේ පැවති ක්‍රිකට් තරගය පරාජය වූයේ මැච් ෆික්සිං (තරඟ පාවාදීම්) නිසා බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (09) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි. නලින් බණ්ඩාර ජයමහ මහතා වරප්‍රසාදය ප්‍රශ්නය මතු කරමින් මෙසේද ප්‍රකාශ කළේය.

මම පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මාධ්‍ය සාකච්ඡාවක දී කරුණු පැහැදිලි කළා. ඒ සම්බන්ධයෙන් මම යළිත් ප්‍රකාශයක් කළා. 

කෙසේ නමුත් එම ප්‍රකාශය නිසා අපහාසයක් සිදුවුවා යැයි කියමින් රුපියල් බිලියන දෙකක් ඉල්ලා සභාපතිවරයා මට එන්තරවාසියක් එවා තිබෙනවා.

පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් පිටස්තරව ප්‍රශ්න කළ නොහැකියි. ඒ නිසා මේ සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුවට යොමු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා මම ඉල්ලා සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now