"පල්ලියට තමයි බෙහෙත් ගන්න ගියේ" පුතා මියයයි. මව පියා රිමාන්ඩ් ඇග කිලිපොලා යන කතාව (VIDEO)
පසුගිය 7 වැනිදා මියගිය 10 හැවිරිදි දරුවකුගේ සිරුර නිවසේ සඟවාගෙන සිටි මව, පියා සහ මිත්තණිය අද (10) අත්අඩංගුවට පත්වුණි.
පොලීසිය පවසන්නේ, කටාන ප්‍රදේශයේ ජීවත් වූ එම පවුල අදහන ආගමට අනුව සිරුරට පණ එතැයි සිතා දරුවාගේ මළ සිරුර නිවසේ තබාගෙන සිට ඇති බවය.
10 හැවිරිදි වියේ පසුවු මලීෂ දුලක්ෂණ, කටාන, ආඬිමුල්ලේ ජීවත් විය. දරුවා කුඩා කළ සිටම ශරීරයේ සීනි මට්ටම අඩුවීමේ නිදන්ගත රෝගයකින් පෙළෙන බව ඥාතීන් පැවසීය. පසුව දෙමාපියන් විසින් බටහිර වෛද්‍ය ප්‍රතිකාර නතර කරමින්, තමන් අදහන ආගමට අනුව දරුවාගේ රෝගය සුවකිරීමට උත්සාහ කර තිබේ.
කෙසේ වෙතත් පසුගිය 7 වැනිදා නිවෙස් සිට යාච්ඤාවලට මුල්තැන දීම හේතුවෙන් මලීෂ හදිසියේ මිය ගොස් ඇත. නමුත්, දරුවාගේ අවසන් කටයුතු සිදුකිරීමට දෙමාපියන් උත්සාහ කර නොමැත. ඒ තමන් අදහන ආගමට අනුව සිරුරු ට පණ එන බවට විශ්වාස කරමිනි. මේ පිළිබඳ අදහස් දැක්වු පොලිස් නිලධාරියෙක්,
"අපිට ඇවිත් කිව්වා පුතා කථා කරන්නේ නෑ කියලා. අපි බැනලා, එලෙව්වා හොස්පිටල් ගෙනියන්න කියලා." දරුවා මියගිය බවට අසල්වාසීන්ගෙන් පවා සඟවන්නට දරුවාගේ දෙමාපියන් පියවර ගෙන තිබුණි. මියගිය දරුවාගේ පියාගේ සහෝදරයා මේ පිළිබඳ මෙලෙස අදහස් දැක්විය. "අපේ පොඩි එක්කෙනා සෙල්ලම් කරනවා මෙයා එක්ක.
එයා දෙසැරයක් තුන්සැරයක් ගෙදරට ඇවිල්ලා කතා කරලා තියෙනවා. එතකොට එයාට ටිකක් උණ පුතේ, යන්න කිව්වලු. ඒ අසනීපෙට බෙහෙත් කෙරුවා නම්, ළමයා දැනටත් ජීවත් වෙනවා. දරුවා තියාගෙන ඒගොල්ලෝ බයිබලේ යාච්ඤා කරලා තියෙනවා. එයාගේ වයිෆ් තමා මං හිතන්නේ ඔය ආගම ගැන නිතරම ඔන්ලයින් මෙහෙයට සහභාගි වෙනවා. ඒ මාර්ගයෙන් සුවය ලැබෙනවා කියලා තමා දැනටත් ඒ අය කියන්නේ."
බඩල්ගම පොලිස් වසමේ ආඬිමුල්ල ප්‍රදේශයේ, නිවසක් තුළින් හමා ගිය දුර්ගන්ධය හේතුවෙන් ලද පැමිණිල්ලක් මත පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණි. ඒ අනුව අදාළ නිවසේ, ඇඳක් උඩ මියගොස් සිටි පිරිමි දරුවා සොයා ගැනීමට පොලීසියට හැකිව තිබුණි.
සිදුවීම සම්බන්ධයෙන් මීගමුව මහෙස්‍ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර, පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර,වැඩිදුර විමර්ශන කටයුතු බඩල්ගම පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලීසිය පැවසීය.
පොලිස් නිළධාරියා සහ අසල්වාසියෙක් කියූ කතාව පහත වීඩියෝවෙන් නරඹන්න..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |