ගංජා නිසා ලාංකිකයෙකුට මාලදිවයින අධිකරණයෙන් ලැබුණ නොහිතපු දඩුවම..
Maldives
By krishani
මාලදිවයිනේ ගංජා ජාවාරමේ නිරත වූ ශ්‍රී ලාංකිකයෙකුට එරට පොලිසිය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.
ඊයේ (23) රණසිංහ තිස්ස හේවා නමැති පුද්ගලයාට අපරාධ අධිකරණය මෙම තීන්දුව ලබා දුන්නෙ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51(අ) ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි සාධාරණ සැකයෙන් ඔබ්බට ගංජා ප්‍රවාහනය කිරීමේ චෝදනාවට මෙම පුද්ගලයාව වැරදිකරු කරමින් අධිකරණ නියෝගය ක්‍රියාත්මක කර ඇති බව මාලදිවයින් පුවත් වෙබ් අඩවියක් වන 'ආවාස්' වාර්තා කරයි.
එමෙන්ම මෙම පුද්ගලයාට මත්ද්‍රව්‍ය පනත යටතේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් සහ ලංකා මුදලින් රුපියල් 2,334,000ක් ද නියම කර ඇත.