සංචාරක, වෙළෙඳාම් සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල ජයග්‍රහණ බෙදාගන්න මැලේසියාව සූදානම්

Malaysia Tourism Latest Headlines Sinhala news Puwath.lk
By Shehan Aug 12, 2025 05:37 PM GMT
Report

මැලේසියාවේ සංචාරක, වෙළෙඳාම් සහ අධ්‍යාපන යන ක්ෂේත්‍රවල මෙන්ම මෑතකාලීනව අත්පත් කර ගත් ජයග්‍රහණවල අත්දැකීම් ශ්‍රී ලංකාව සමග බෙදා ගැනීමට සූදානම් බව මැලේසියානු මහකොමසාරිස්වරයා පවසනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස් බද්ලි හිෂාම් බින් ඇඩම් (Badli Hisham bin Adam) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (12) පැවැත්වූ අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර පවතින සමීප සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වයේම අවධානය යොමු වුණා. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.