හිටපු ජනපතිවරයෙකුට වසර 11ක සිරදඬුවමක් නියම කෙරේ..

Accident
By Aruna Dec 26, 2022 06:39 AM GMT
Report

හිටපු ජනපති ට වසර 11ක සිරදඬුවමක් මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් ට එරට අපරාධ අධිකරණය වසර 11ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වූ චෝදනාවලට ඔහු වරදකරු වීමෙන් අනතුරුව එම තීන්දුව ලබා දී තිබේ.

සිරදඬුවමට අමතරව යමීන්ට අමෙරිකානු ඩොලර් මිලියන 5ක දඩයක් ද නියම කෙරුණි.

කෙසේ නමුත් යමීන් මේ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර තිබේ.

රජයේ අරමුදලකින් මුදල් ලබාගත් බවට එල්ල වූ චෝදනාවක් යටතේ 2019 වසරේදීත් යමීන් වරදකරු වූ අතර එහිදීත් වසර 5ක සිරදඬුවම් සහ දඩයක් නියම කෙරුණි.

2020 වසරේදී නිවාස අඩස්සියට පත් හිටපු ජනාධිපති යමීන්, ඉන් නිදහස ලැබුවේ මාස කිහිපයකින් පසුවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now