සමට හානියක් නොවන විදිහට මේකප් ඉවත් කරන්නේ මෙහෙමයි.
මේකප් දාලා ලස්සන වුණා වගේ නෙවෙයි. මුහුණෙන් මේකප් remove කරද්දී ඒක හරි පරිසමට කරන්න ඕන. නැත්නම් ඔබේ සමට හානි වෙන්න පුළුවන්.
සමට හානි නොවන පරිදි මේ විදිහට නිවැරදි පියවර අනුගමනය කරන්න.
♦️ මේකප් ඉවත් කිරීමට නම් ඊට අවශ්‍ය නිෂ්පාදන ඔබ ළඟ තියෙන්න ඕන. ඒ වගේම ඔබේ සමේ ස්වභාවය අනුව නිවැරදි නිෂ්පාදන තෝරා ගත යුතුයි.
♦️ ඔබේ සම වියළි සමක්ද, තෙල් සහිත සමක්ද යන්න අනුව ගැළපෙන ක්ලෙන්සර් එකක් තෝරා ගන්න. ඒක අත්‍යවශ්‍යයි. ඇස් වල මේකප් ඉවත් කිරීමට ඇස් සඳහා වෙනම සකසා ඇති අයි ක්ලෙන්සර් (Eye cleanser)එකක් භාවිතා කරනවා නම් ගොඩක් හොඳයි.
♦️ මේකප් ඉවත් කිරීම ආරම්භ කිරීමට පෙර ඔබේ හිසකෙස් පිටුපසට කර බැඳ ගන්න. එමෙන්ම පළමුව ඔබේ මුහුණ තෙත ටිෂූ කඩදාසියකින් පිසදමන්න.
♦️ පළමුව දෑස් පිරිසිදු කරන්න.මෙහිදී පුළුන් කැබැල්ලකට හෝ ස්පොන්ජ් කැබැල්ලකට ක්ලෙන්සර් ගෙන තත්පර 10-20ක් පමණ ඇස් මත තබන්න. ඉන් පසු සෙමෙන් එය ඉවත් කරන්න. ඉදිරිපසට සහ පසුපසට පුළුන් කැබැල්ල ඇතිල්ලීමෙන් වළකින්න.
♦️ ඊට පස්සේ තොල් පිරිසිදු කරන්න. ඔබ භාවිතා කරන ක්ලෙන්සර් තොල් මත ආලේප කර මිනිත්තු කිහිපයක් තබා පිසදමන්න. ඒකත් තදින් අතුල්ලන්න එපා.
♦️ ඉන්පසුව මුහුණේ මේකප් ඉවත් කරන්න. පුළුන් කැබැල්ලක ඔබෙගේ මේකප් ඉවත් කිරීමේ ක්ලෙන්සර් හොඳින් තවරන්න. ඉන් පසු එයින් මුළු මුණ ම හොඳින් පිරිසිදු කරන්න.
♦️ මේකප් ඉවත් කළ පසු සමට අවශ්‍ය පෝෂණය ලබා දීම ඉතා වැදගත්. ඒ සඳහා ඔබ භාවිතා කරන මොයිස්චරයිසින් ක්‍රීම් ස්වල්පයක් ආලේප කරන්න. නැත්නම් ඔබට පුළුවන් කෝමාරිකා කෑල්ලක් ගාන්නත්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |