ලෝකේ නැති ලෙඩ හදාගන්නේ නැතිව ගෙදරිම සොසේජස් හදාගන්නේ මෙහෙමයි.
සොසේජස් කන්න ලොකු කුඩා කවුරුත් කැමතිනේ. විශේෂයෙන්ම අම්මලා කරන වැඩක් තමයි ළමයිගේ පෝෂණය වැඩි කරන්න හිතාගෙන ඔවුන්ගේ කෑම වේලට සොසේජස් එකතු කරන එක. හැබැයි ඔබ නොදන්නවා වුණාට සොසේජස් කියන්නෙත් ක්ෂණික නුඩ්ලස් වගේ සෞඛ්‍යට අහිතකර ආහාරයක්. ඒ නිසා සොසේජස් වලට ඔබත්, දරුවත් ඇබ්බැහිවෙලා ඉන්නවා නම් අදම ඒ ඇබ්බැහියෙන් ඉවත් වෙන්න. සොසේජස් කාලා ලෝකේ නැති ලෙඩ හදාගෙන දුක් විදින්නේ නැතිව, ඔබට පුළුවන් ගෙදරදීම සොසේජස් හදාගන්න.
මේකට චිකන් ගන්නවා නම් ගන්න. ( නමුත් මිල ඉහළයි වගේම දැන් වෙළඳප්ලේ තියෙන චිකන් ගුණදායක නැහැ කැමති නම් පමණක් හිතලා බලලා ගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
? හොඳ පොළොස් ගෙඩියක්
? කඩල පිටි ටිකක් ( කඩල ටිකක් පෙගෙන්න තියලා අඹරලා ගන්න පුළුවන්)
? කැමති නම් බිතරයක්
? සුදුළූණු
? ඉඟුරු
? කරපිංචා
? ගම්මිරිස්
? කැමති නම් කොච්චි ටිකක්
? තුනපහ ටිකක්
? පිරිසිදු රෙදි කෑලි ටිකක් හෝ පොයිල් පේපර් කෑලි ටිකක්
සාදාගන්න ආකාරය
? මුලින්ම පොලොස් ටික තම්බා ගන්න
? දැන් සුදුළූණු, ඉඟුරු, කරපිංචා, ගම්මිරිස්,කොච්චි,තුනපහ ටිකක් දාලා පදමට ලුණු දාලා පොලොස් ටික අඹරා ගන්න9 බ්ලෙන්ඩ් කරගන්න )
? දැන් එයට කඩල පිටි ටික ටික එකතු කර අනාගන්න. කැමති නම් බිත්තරයක් හොඳට බීට් කරලා එකතු කරන්න
? මේ මිශ්‍රණය ගුලි කළාම කැඩෙන්නේ නැතුව තියෙන්න ඕන
? බිත්තර එකතු නොකර තෙත ගතිය මදි නම් වතුර චුට්ටක් දාගන්න
? දැන් මේ මිශ්‍රණයෙන් ටික ටික රෙදි කෑලි වල හෝ පොයිල් කොළ කෑලි වල දාලා ටෝෆියක් ආකාරයට අඹරා ගන්න.
?
දැන් හුමාලෙන් තම්බා ගන්න.