දකුණු කොරියාවේ විශාල ජල ගැලීම්
                                    
                    South Korea
                
                                                
                    Latest Headlines
                
                                                
                    Sinhala news
                
                                                
                    Puwath.lk
                
                        
        
            
                
                By Shehan
            
            
                
                
            
        
    දකුණු කොරියාවේ ග්වන්ජු සහ දකුණු ජෙඕලා ප්‍රාන්තවලට මේ දිනවල අධික වැසි ඇද හැලෙමින් පවතියි.
මේ හේතුවෙන් එම කලාපවල ජලගැලීම් ආපදා රැසක් වාර්තා වෙමින් පවතින බව කොරියානු මාධ්‍ය වාර්තා කර තිබුණි.
ග්වන්ජු කලාපයෙන් පමණක් ජලගැලීමේ සිදුවීම් 172ක් වාර්තා වී ඇති අතර, එහිදී අයෙක් මියගොස් බරපතළ දේපළ හානි සිදුව තිබේ.
දකුණු ජෙඕලා හි මුආන් වෙත ඊයේ ඇදහැලුණු මිලිමීටර් 289 ඉක්මවූ වර්ෂාපතනය හේතුවෙන් එම කලාපයෙන් ද ජලගැලීම් වාර්තා විය.
එහිදී පැයක් තුළ මිලිමීටර් 142 ඉක්මවූ වර්ෂාපතනයක් මුආන් වෙත ඇදහැලී තිබුණේ වසර 200ක් තුළ එම කලාපයෙන් වාර්තාවූ උපරිම වර්ෂාපතනය සටහන් කරමිනි.
 
                 
                 
                                             
        
     
     
     
     
    