හිටපු ජනාධිපති CIDයට.. - (VIDEO)

CID - Sri Lanka Police Maithripala Sirisena Sri Lanka Politician Latest Headlines
By krishani Mar 25, 2024 03:09 AM GMT
Report

අද (25) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.

හිටපු ජනාධිපති CIDයට.. - (VIDEO) | Maithripala Sirisena To The Cid

පසුගිය දා මහනුවර ප්‍රදේශයේ දී පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් තමා දන්නා බවට මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයක් සිදුකර තිබිණ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදෙනු ලැබුවේ එම අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද පෙරවරු 10.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් දන්නේ නම් ඒ පිළිබඳව දැනුවත් කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට නීතිමය වගකීමක් තිබෙන බව ය.


........................................................................