හිටපු ජනපති මෛත්‍රීගේ ලිපියට පුටින්ගෙන් ප්‍රතිචාර - තානාපති නිවසටම පැමිනෙයි..

United Russia Maithripala Sirisena Vladimir Putin Sri Lanka
By Sithumi Jun 09, 2022 12:17 PM GMT
Report

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා අද දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල නිවසට පැමිණ තිබෙනවා. එහිදී දෙදෙනා සුහද සාකච්ඡාව නිරතවී ඇති අතර වැඩි වශයෙන් අවධානයට යොමු වී ඇත්තේ පසුගිය සතියේ දී ආන්දෝලනාත්මක සිදුවීමක් වූ රුසියානු ගුවන් යානාව පිළිබද ගැටලුවයි.

ඒ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා සහ රුසියානු තානාපති තුමන් අදහස් හුවමාරු කරගෙන ඇති අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රුසියානු ජනාධිපතිවරයා වෙත ලබාදුන් ලිපිය ද ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මගින් රුසියානු ජනාධිපතිවරයා වෙත යොමු කළ බව එහිදී තානාපතිවරයා සනාථ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා එහිදී හිටපු ජනාධිපතිවරයාට පවසා ඇත්තේ රුසියාව නැවතත් සිය ගුවන් ගමන් ශ්‍රී ලංකාව සමඟ ආරම්භ කිරීමට කැමැත්තෙන් පසුවන බවයි.

කෙසේවෙතත් එයට ශ්‍රී ලංකා රජයෙන් සහතිකයක් ලබා දිය යුතු බවද ප්‍රකාශ කර ඇති අතර ඒ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා රජය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි සඳහන් කර ඇත්තේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකයට රුසියාවේ සහයෝගය ලබා දෙන ලෙස ද හිටපු ජනාධිපතිවරයා තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඊට තානාපතිවරයා සුබවාදී ප්‍රතිචාරයක් දක්වා ඇති අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙක් සහ රුසියානු ජනාධිපතිවරයෙක් ඉතා සමීපව ම ඇසුරු කළ යුගය බවට හිටපු ජනාධිපතිවරයාගේ යුගය බවයි රුසියානු තානාපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now