මෛත්‍රීගෙන් කොළ එළියක් - විශේෂ නිවේදනයක් නිකුත් කරයි..!

Maithripala Sirisena Sri Lanka Economic Crisis Sri Lanka Financial crisis
By Sewvandhi Jul 01, 2023 01:14 PM GMT
Report

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ, දේශීය රාජ්‍ය ණය ප්‍රශස්ථකරණය සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු යෝජනාව රටේ ජාතික ආර්ථිකය මුහුණ දී ඇති අර්බුදයට පිළියම් සෙවීමට සැලකියයුතු සහයෝගයක් දක්වන බවයි.

එහි කරුණු කිහිපයක් පමණක් තවදුරටත් සංවාදයට භාජනය කළ යුතුව ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ.

එතුමා වැඩිදුරටත් සදහන් කළේ, මෙම යෝජනා යම් පාර්ශ්වයක් විවේචනය කරන්නේ නම් ඔවුන් ඒ සඳහා විකල්පයක් ඉදිරිපත් කළ යුතු බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම කාර්යයේදී මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

Gallery