හිටපු ජනපතිගේ පෙත්සමට අධිකරණය දුන් නියෝගය.

Sri Lanka Bomb Blast Maithripala Sirisena Sri Lanka Politician
By krishani දින 3 කට පෙර

අද (17) උදෑසන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ - කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේ ය.

ඒ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් සිලිල් ගාමිණී පියතුමා සහ ප්‍රහාරයේ වින්දිතයෙකු වූ ජේසුදාසන් නඩේසන්, ගොනුකර ඇති පෞද්ගලික පැමිණිල්ලට අදාළ නඩුවට පෙනී සිටීම සඳහා ය.  

එහිදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ල බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ජුලි 31 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කළේ ය.

එම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේ ය.

ඒ අනුව අදාළ පෙත්සම ජුලි 31 සහ අගෝස්තු මස 09 වනදා විභාගයට ගන්නා බවත් විනිසුරු මඩුල්ල නියම කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.