හිටපු ජනපති මෛත්‍රීගෙන් හදිසියේම විශේෂ ප්‍රකාශයක්..

mahindarajapaksha Maithreepala sirisena
By Sithumi Mar 19, 2022 10:49 AM GMT
Report

19 වැනි සංශෝධනයෙන් ඇති කළ විගණන කොමිසම 20 වැනි සංශෝධනයෙන් අහෝසි කර දැම්මේ දූෂණයට වංචාවට ඉඩදෙන්න දැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වේයන්ගොඩ නයිවල දී ප්‍රශ්න කළේය .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව අමතමින්සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.ඔහු තවදුරටත් පැවසුවේ කෙතරම් වැරදි වැඩ කළත් කිසිදු දේශපාලඥයකු මෙතෙක් හිරේ දමා නැති බවයි. අන්තිමේ ඔවුන් නිදහස් වන බවද ඒ තත්ත්වය තුළ විගණන කොමිසම පැවැතිම ඉතා වැදගත් වන බව පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා වත්මන් රජය මෙම කොමිසම අහෝසි කර දැම්මේ දූෂණයට වංචාවට ඉඩදීමට බවට උගතුන්ට වියතුන්ට මෙන්ම ජනතාවට ප්‍රශ්නයක් වන බවද සඳහන් කළේය

. 19 වැනි සංශෝධනයෙන් ඇති කළ ස්වාධීන කොමිෂන් සභා ඉතා වැදගත් වූ කාර්යභාරයක් ඉටුකළ බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය. අද රටෙි පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගැනීම අත්‍යවශ්‍ය බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී අවධාරණය කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now