ඉදිරියේදි සිදුවන විශේෂ දෙයක් ගැන හිටපු ජනපති මෛත්‍රී ගෙන් ඉඟියක්

politics Srilankam politica
By Sithumi Mar 12, 2022 01:59 PM GMT
Report

තම පක්ෂය ඉදිරි මැතිවරණ සඳහා පුළුල් සන්ධානයකින් තරග වැදීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ඒ එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් නියෝජිත සමුළුව අමතමින්ය.

මේ අතර පවතින වාතාවරණය යටතේ ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ යෝජනා තම පක්ෂය ඉදිරිපත් කර නොමැති බව එම සමුළුවේදී පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් නියෝජිත සමුළුව අද (12) පැවැත්වුණේ බදුල්ල පුස්තකාල ශ්‍රවනාගාරයේදීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා

, "ගොවියාට පොහොර ටික දීලා ආහාර නිෂ්පාදන සංග්‍රාමයක් ආරම්භ නොකළොත් ඇතිවන තත්ත්වය ඉතා භයානකයි. තෙල් වැඩිකිරීම ගැන ජනතාව කඳුළින් ඉන්නේ. රජය මීට නායකත්වය ගත යුතුයි.ආණ්ඩු හදමු.. ඡන්දයක් ආවාම.. සමහරු දැන් ජනපතිලා පත් කරගෙන. ජනාධිපති අපේක්ෂකයෝ 15ක් 20ක් ඉන්නවා.

අපි ඒවා ගැන හිතලා නැහැ. අපි තනිවම තරග කරනවා නෙමෙයි. පුළුල් සන්ධානයකින් අපි තරග වදින්නේ. පක්ෂ 11 එකමුතුව සාර්ථකව ඉදිරියට යනවා. පක්ෂ 11 - පක්ෂ 15ක් වෙන්න පුළුවන්. බොහෝ පිරිස් අපි එක්ක කතා කරනවා." ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, "මහා පරිමාණ ගොවිතැන කාබනික පොහොරෙන් කරන්න බෑ. නායකයෝ, විශේෂඥයින්ගෙන් උපදෙස් ගත යුතුයි. ළමා රෝග විශේෂඥයින්ගෙන් උපදෙස් අරන් කරන්න බෑ.

දැන් මේක පටලවාගෙන තියෙන්නේ. කලබල වෙන්න එපා.. අපිට මාර්ගයක් තියෙනවා. අපි පක්ෂ 11 සමග වැඩපිළිවෙලක් හැදුවා.පක්ෂ 11 සමග ආණ්ඩුව හදනතුරු ඉන්නවා. ජාතික ආණ්ඩු ගහන්න ඉඩ තියලා නැහැ. ජාතික ආණ්ඩුවල ඇමතිකම් ගන්න සූදානම් නැහැ. තියෙන ඇමතිකම් ප්‍රමාණය අඩුකරන්න."