ලංකාව ගැන ජාත්‍යන්තරය ඉදිරියේ හිටපු ජනාධිපති මෛත්‍රී කළ ප්‍රකාශය මෙන්න.. (VIDEIO)

Politics Srilankan Political news
By Sithumi Feb 13, 2022 03:37 PM GMT
Report

මෙරට ත්‍රස්තවාදී යුද්ධය අවසන් කර වසර 12ක් ගෙවී ඇතත් තවමත් ස්ථිරව බලය බෙදාගැනීමේ යාන්ත්‍රණයක් සොයාගැනීමට ශ්‍රී ලංකාව අසමත්ව ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු ඒ අදහස් පළකළේ දකුණු කොරියාවේ පැවැත්වෙන 2022 ලෝක සාම සමුළුව අමතමිනි. සමුළුව අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පවසා සිටියේ,..

  "මම සාමය සඳහා යුද්ධය හැරදැමීම කෙරෙහි විශ්වාස කරනවා. ඕනෑම ගැටුම් තත්ත්වයකට පිළියම යුද්ධය නොවිය යුතුයි. එවන් අවස්ථාවලදී අපට අවශ්‍ය වන්නේ පාර්ශව අතර විශ්වනීයත්වය ගොඩනැගීම හා ආර්ථිකයන් නැවත ගොඩනැගීමයි. ඒ නිසා අන්තජාතිකය පිළිගත් “සංහිඳියා කුළුනු හතර” ක්‍රියාවන් මත පිහිටා අපි සංහිඳියාවට පියවර තිබ්බා." 

 "අවාසනාවකට සංහිඳියා යාන්ත්‍රණයන් ක්‍රියාත්මකවීමේදී අපේක්ෂිත වේගයෙන් ධාවනයක් පෙන්වූයේ නැහැ. අපේ ගැටුම වසර 25ක් ඉක්මවනවා. කොරියාවේ ගැටුම අවුරුදු 70ක් පමණ වෙනවා. සිදුවූ කැළැල් ගැඹුරු නිසාත්, ඒ නිසාම දැඩි ස්ථාවරයන් දැරීම නිසාත්, තරගකාරී අවශ්‍යතා සමග කර්කශ අතීතය ඉක්මනින් සමනයවන්නේ නැහැ.".

  "අපේ ගැටුම 2009 මැයි මාසයේදී අවසන් වුණා. අවුරුදු දොළහක් පසුවී ඇතත් අදත් ස්ථිරව බලය බෙදාගැනීමේ යාන්ත්‍රණයක් සොයාගෙන නොමැති අතර අන්තර්ජාතිකව අපේක්ෂිත පරිදි සංහිඳියා සම්මතයන් පරිපූර්ණ කර නැහැ." දින 03ක් පුරා පැවැත්වෙන 2022 ලෝක සාම සමුළුව පසුගිය 11වනදා දකුණු කොරියාවේ සෝල් අගනුවරදී ආරම්භ වුණි. රටවල් 150කට අධික සංඛ්‍යාවක නායකයින්, රාජතාන්ත්‍රිකයින් සහ විද්වතුන් රැසක් ඒ සඳහා එක්වුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now