අවුරුදු දෙකකට පසු මෛත්‍රී හෙළිකළ කතාව.. ඉදිරියේදි රටේම වෙනසක්

By Sithumi Jan 09, 2022 02:56 PM GMT
Report

ජනමත විචාරණයක් මගින් වත්මන් ආණ්ඩුවේ කාලය දිර්ඝ කරගැනීමට සුදානම් නොවන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි

. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් සමුළුවට අද (09) එක්වෙමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් සමුළුව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද මෙලෙස පැවැත්වුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, "රටම අවුල්. මේ ලෝකෙ දෙයක් දන්නේ නැති අය කියනවා.. 

මැතිනියගේ කාලේ වගේලු දැනුත් කන්න නෑ. පෝලිම් කියලා. මම මැතිනියගේ කාලේ සතොසෙන් බඩු බෙදාහැරිය සැපයීම් නිලධාරියෙක්. මෙහෙම අහේනියක් තිබුණේ නෑ. මෙහෙම පෝලිම්වල කවුරුත් කුණුහරුප කිව්වේ නෑ. තනියෙන් රටක් කරන්න පුළුවන් කියලා හිතන්න එපා. හොඳ කණ්ඩායමක් ඉන්න ඕනේ

. අවුරුදු 5ක් මම තනියම ආණ්ඩු කරපු කෙනෙක්. මං වෙනුවෙන් කතා කරන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයෙක් හිටියේ නෑ. ආණ්ඩුවෙත් නෑ. විපක්ෂයෙත් නෑ. එහෙම අගමැති, ඇමති මණ්ඩලයක් නැතුවත් මම අද තියෙන අර්බුදයට රට දැම්මේ නෑ. 2015ටත් වඩා අඩුවෙන් බඩු මිල තිබුණේ අපේ කාලේ. අමාරුවෙන් රුපියල් 2කින් තෙල් මිල වැඩි කළාම, පොහොට්ටුවේ නායකයෝ බයිසිකල් පැද්දා

. ඒ අතර දන්නවානේ...පොල් බෑය, ලූනු ගෙඩිය පෙන්නලා අහපුවා. දැන් සනීපද.. සැපද.. ඇහුවා. දැන් රටම අසනීපයි. ජනාධිපති ඡන්දයට කලින් ශ්‍රීලනිපය ගැන පුදුම වටිනාකමක් තිබ්බේ. පොදු ජන පෙරමුණේ ඉහළම නායකයෝ මාව කීසැරයක් හමුවුණා ද?. වන් ටූ ත්‍රී තුන්දෙනා වෙනවෙනම මාව හමුවුණා. 

ශ්‍රීලනිපය නැතිව දිනන්න බෑ කියපු අය ඡන්දෙන් පසු පළමු සතියේම සන්ධාන ගිවිසුම කඩකළා. ගිවිසුමේ කිසිම කාරණයක් අද වෙනකල් ඉටු කරලා නෑ. කරපිංචා වගේ අරගෙන විසි කෙරුවා. ජනාධිපති ඡන්දයක් ළඟදි එන්නේ නෑ. ජාතික මැතිවරණයකට එන්නේ පාර්ලිමේන්තු මැතිවරණය. සමහරු කියනවා ජනමත විචාරණයක් ගැන. ජනමත විචාරණ තියලා කල් දිග් කරගන්න ලෑස්ති වෙන්න එපා. ඒක කවදාවත් කෙරෙන්නේ නැති වැඩක්."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now