ඉදිරියේදී නව ආණ්ඩුවක්.. මෛත්‍රීගෙන් ප්‍රබල හෙළිදරව්වක්

By Sithumi Jan 10, 2022 05:20 PM GMT
Report

ඉදිරියේදී පුළුල් ජාතික වැඩපිළිවෙළක් සහිත නව සන්ධානයක් හරහා නව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි කාලය තුළ ප‍්‍රබල හා ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ගොඩනගන බව ද ඔහු පැවසීය. තම පක්ෂය විසින් ඉදිරියේදී පුළුල් ජාතික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බවත් ඒ හා එක්වන අය සමග ඉදිරියේ නව ආණ්ඩුවක් පිහිටුවන බවත් හෙතෙම කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති විවෘත කිරීමකින් පසු මාධ්‍ය අමතමිනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now