හිටපු ජනපති මෛත්‍රී හදිසියේම කළදේ... වන්දි මුදල් සියල්ල ගෙවයි..

Maithripala Sirisena Easter Attack Sri Lanka Joshua: Imai Pol Kaka
By Sithumini Aug 20, 2024 05:40 PM GMT
Report


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා හිටපු ජනාධිපතිවරය ඇතුළු කිහිපදෙනෙකුට වන්දි මුදල් ගෙවීමට නියම වුණා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දිය ගෙවා අවසන් කර තිබෙනවා.

හිටපු ජනපතිවරටා ඔහුට ගෙවීමට ඉතිරිව තිබූ රුපියල් මිලියන 12ක මුදල 2024.08.16 වනදා ගෙවා අවසන් කර ඇති බව වාර්තා වී තිබෙනවා.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව 2023 වසරේ ජනවාරි 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

මේ සම්බන්ධයෙන් ගෙවීමට මුදල් නොමැති බවට පසුගිය්දා හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශයක්ද සිදුකළා.

කෙසේ නමුත් ඔහු හදිසියේම මෙම මුදල ගෙවා දමා තිබෙනවා.