හිටපු ජනපතිගෙන් සැර කතාවක්..

By Sithumi Dec 05, 2022 11:45 AM GMT
Report

පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත්වූවන් වන්දි ඉල්ලා නඩු පැවරිය යුත්තේ පුද්ගලිකව තමන්ට එරෙහිව නොව රජයට එරෙහිව බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත්වූ 109ක් එක්ව පැවරූ නඩු විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසට ඉල්ලා ගොනුකළ අභියාචනා පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී සිය නීතිඥවරු මාර්ගයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව අධිකරණයට දන්වා තිබෙනවා. 

 මෙම නඩුව ව්‍යවස්ථාපිත කරුණු පදනම් කරගෙන පවරා ඇති බව පෙන්වා පෙන්වාදුන් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා ව්‍යවස්ථාපිත කරුණක් විභාග කළ හැක්කේ ශේෂ්ඨාධිකරණය පමණක් බවත්, සිවිල් අධිකරණයකට එම කරුණු විභාග කිරීමට අධිකරණ බලයක් නොමැති  බවත් සඳහන් කළා. 

 මහාධිකරණ විනිසුරු එම්.බී.බී.එස් මොරායස් හා මහාධිකරණ විනිසුරු ඩී.එෆ්.එච් ගුණවර්ධන මහත්වරුන් ඉදිරියේ නඩුව විභාගයට ගැනුණු අතර වැඩිදුර කරුණු විමසීම සඳහා නඩුව ලබන 28 වනදා දක්වා කල්තැබීමට අධිකරනය නියෝග කළා.