හිටපු ජනපති ගිය දේවාලයක උණුසුම් තත්ත්වයක්...කාන්තාවකට පහර දෙයි..ප්‍රධාන කපුවා අත්අඩංගුවට.(VIDEO)
රට ගොඩනැගීම සඳහා දේශපාලනඥයින් මෙන්ම ආර්ථික විශේෂඥයින් ද තම වගකීම් ඉටු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මාතර - දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ දෙවුන්දර පරම විචිත්‍රාරාම විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වී විහාරස්ථාන භාරකාර හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගනු ලැබුවා.
අනතුරුව ඔහු ආශිර්වාද ලබා ගැනීම සඳහා මාතර - දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය වෙත ද පැමිණියා.
කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරයා දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයට පැමිණ ආශිර්වාද ලබා ගැනීමට පෙර එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
ඒ, දේවාලය සාමාන්‍ය ජනතාවට විවෘත කිරීම ප්‍රමාද කරන බවට දැනුම්දීමත් සමඟයි.
එහිදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් දේවාලයට පැමිණ සිටි කාන්තාවකට දේවාලයේ ප්‍රධාන කපුමහතා විසින් පහරදීමක් ද සිදුකර තිබෙනවා.
ඒ අනුව කාන්තාව ප්‍රතිකාර සදහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ගන්දර පොලීසිය විසින් 60 හැවිරිදි වියේ පසුවූ ප්‍රධාන කපුමහතා අත්අඩංගුවට ගනු ලැබුවා.
දර්ශන අයිතිය හිරු ටීවී
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |