මෛත්‍රී, බුදුන් නමැද කුරුසියේ අත ගසා කියන බවට කියූ දේ මෙන්න...සිදුවූ සියල්ල වමාරයි!!

Political Maithreepala srisena Pasku attack Sri Lanka freedom party
By Aruna Feb 27, 2022 11:36 PM GMT
Report

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට කරනු ලබන චෝදනා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, පොළොන්නරුවේ කිතුනු දේවස්ථානයක පැවති දේව මෙහෙයට එක්වෙමිනි.

මේ ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ තමාට දැනුවත් කළා නම් තමන් රටින් පිට වී නොයන බව ඔහු පැවසීය.

"මම මේ පිළිබඳව මම පත් කරපු ජනාධිපති කොමිෂන් සභාවට පවා ප්‍රකාශ කළා.

බෞද්ධයෙක් විදිහට බුදුන් වහන්සේගේ දෙපා නැමැද මට කියන්න පුළුවන් සත්‍ය වශයෙන් ම මේ තොරතුරු කිසිදෙයක් මම දැනුවත් වුණේ නැහැ.

මම බෞද්ධයෙක් වුණත් මේ උතුම් දේවස්ථානයේ වේවා ඕන ම තැනක අතිඋතුම් කුරුසයේ අත ගසා මට කියන්න පුළුවන් මේ කිසි ම තොරතුරක් මට ලැබුණේ නැහැයි කියලා."

පාස්කු ප්‍රහාරය සිදු වන අවස්ථාවේ තමන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගිය බව ත් එහි සිටින අවස්ථාවේදී හෝ මේ පිළිබඳව ආරක්ෂක අංශ තමන්ට දැනුම් දුන්නේ නම් වහා ම ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නට හැකියාවක් තිබූ බව ත් මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරට ත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now