බුකිය උණුසුම් කරමින් හිටපු ජනපති මෛත්‍රී සහ විජයකලා හමුවෙයි..යාපනයට ගිය හේතුව මෙන්න.(PHOTOS)
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා , යාපනය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේශ්වරන් මහත්මියගේ නිවසට ගොස් සුහද සාකච්ජාවක් ඊයේ (21) පවත්වා තිබෙනවා.
යාපනය ජනතාව පැවසුවේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ,හිටපු අමාත්‍ය විජයකලා මහේශ්වරන්ගේ නිවසේ පැවති ආහාර වේලකට එක්ව ඇති අතර, සුහද පිළිසඳරකද නිරත වූ බවයි.
යහපාලන රජය පැවති අවස්ථාවේ විජයකලා මහේශ්වරන් මහත්මිය අධ්‍යාපන කටයතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළා.
විජයකලා මහේශ්වරන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරඟකළද එහිදි ආසනයක් ජයග්‍රාහණය කිරීමට නොහැකිවිය.
හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයට එක්වු අවස්ථාවේ,එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු රාජ්‍ය අමාත්‍යවරියක වන විජයකලා මහේශ්වරන් මහත්මිය හමුවීම සුවිශේෂි කරුණක් වන බව යාපනය ජනතාව පවසනවා.
අදාළ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර හා කොළඹ පුරපතිනි රෝසි සේනානායක ද එක්ව සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |










