අයහපත් කාලගුණය නිසා අද රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කරයි..
අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ රාත්‍රී තැපැල් දුම්රිය අද (25) දින අවලංගු කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජී. ඉඳිපොළගේ මහතා පැවසීය.
මේ හේතුවෙන් අද දින කොළඹ සිට බදුල්ල දක්වා සහ බදුල්ලේ සිටි කොළඹ දක්වා ධාවනය වීමට තිබූ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර ඇති අතර රාත්‍රියේ ගමන් ආරම්භවීමට නියමිත විශේෂ දුම්රිය ධාවනය ද නතර කර තිබේ.
මේ පිළිබඳ වැඩිදුර අදහස් දක්වමින් ,දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම මෙලෙස රාත්‍රී කාලයේ තැපැල් දුම්රිය අවලංගු කිරීමට හේතුව බවත් දුම්රිය මාර්ගයට ගස් කඩාවැටීම් ස්ථාන 15කින්, 20කින් පමණ වාර්තා වන බවත් දුම්රිය සංඥා පද්ධතිය ක්‍රියාත්මක කිරීම දැඩි ගැටලුවක් වී තිබෙන බවත් ඔහු කියා සිටියේ ය.
නානුඔයෙන් එහා ප්‍රදේශවලට මෙම විදුලි බිඳ වැටීම් දැඩිව බලපා ඇති අතර විදුලිය බිඳවැටීම් හේතුවෙන් සංඥා ක්‍රියාත්මක නොවීම මත දුම්රිය හරස් මාර්ගයේ ගමන් ගන්නා රථවාහන රියදුරන් වඩා සැලකිලිමත්ව කටයුතු කරන ලෙසත් දැනුම් දී ඇත.
ඒ අනුව කිසිදු සංඥාවක් නොමැති හෝ රතු සංඥාව පමණක් සහිතව විදුලි සීනු දිගටම නාද වෙන අවස්ථාවක් තිබේ නම් ඉතාමත් කල්පනාකාරීව දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කරන ලෙසද රියදුරන්ගෙන් ඉල්ලා සිටී.