මහින්දානන්ද සමඟ පසුගියදා සිදුවූ ගැටුම ගැන රාජපක්ෂ පුතෙකුගෙන් විශේෂ අනාවරණයක්..(VIDEO)
පසුගිය දිනවල අපේ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබලව කතාබහට ලක් වුණ මාතෘකාවක් තමයි මහින්දානන්ද අළුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් අතර ඇතිවූ ගැටුම.
එකම දිස්ත්‍රික්කයේ සහ එකම පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අතරේ මෙම ගැටුම හට ගැනීම තවත් විශේෂ වේ.
කෙසේවෙතත් මෙම ගැටුම අධිආරක්ෂිත කලාපයක ඇතිවීමත්,එහි සීසීටිවී දර්ශන පරීක්ෂා නොකර තවමත් මහිදානන්ද මන්ත්‍රීවරයා අත්අඩංගුවට නොගෙන කටයුතු කිරීමත් යන සාධක මත ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා ගේ පුත්‍රයා පාර්ශව කිහිපයකටම චෝදනා කරයි.
මෙම ගැටුමෙන් රාජපක්ෂ මන්ත්‍රීවරයා හමුදා රෝහලට ඇතුලත් කළ බවත්, එහිදී ශල්‍යකර්මයක් පවා සිදු කළ බව ඔහුගේ පුත්‍රයා පවසයි.
මෙම සිදුවීම ගැන බොහෝදෙනෙක් විවිද කාරණා පවසන අතර, මේ සම්බන්ධයෙන් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පුත්‍රයා තම පියාට සිදුවූ සිදුවීම සහ අසාධාරණය ගැන විශේෂ හෙළිදරව්වක් සිදු කරන්නට විය.
ඒ යූටුයුබ් නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.
ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාට සිදුවූ සිදුවීම ඇතුළු මෙතෙක් හෙළි නොවුණු ඒහා බැඳුණ කාරණා රැසක් සිය පුත්‍රයා විසින් හෙළි කිරීම විශේෂත්වයක්.
එම සාකච්ඡාව පහතින් නරඹන්න.