පළාත් පාලන ආයතන විසුරුවාලීමේ කාලය ගැන ඉඟියක්..

Mahindananda Aluthgamage Sri Lanka Sri Lankan political crisis
By Sewvandhi Dec 26, 2022 12:55 PM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටින්නේ, ලබන ජනවාරි මස 05ත් 10ත් අතර කාලය තුළ පළාත් පාලන ආයතන විසුරුවා හරිනු ඇති බවයි.

නාවලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව ලබන මාර්තු මාසය වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇති බවයි.

වැඩිදුරටත් අදහස් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ..

"අපි විශ්වාස කරනවා ලබන අවුරුද්දේ මුල වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගයත් අරගෙන මේ ආර්ථික අර්බුදය සමතයකට පත්කරන්න පුළුවන් කියලා, එතුමාට හැකියාව තියෙනවා කියලා අපිට විශ්වාසයි. තව අවුරුදු 2 හමාරක් තියෙනවා ආණ්ඩුව ගෙනියන්න. අපි ලබන අවුරුද්ද ඉඳලා නැවතත් අපේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියනවා.

මැතිවරණයක් ආවහම අපි බලමු මොකද්ද කරන්නේ කියලා. මම නම් ඕන වේලාවක මැතිවරණයට ලෑස්තියි. මාර්තු 18 වෙනිදා වෙනකොට පළාත් පාලන කාලය අවසානයි. දින 7කට කලින් මැතිවරණ කොමිසම ප්‍රාදේශීය සභාව විසුරුවන්න ඕනේ. මම හිතනවා ජනවාරි 5 - 10 වෙනකොට පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම ප්‍රාදේශීය සභාව විසුරුවන්න ඕනේ.

ඒ නිසා අපි ලෑස්ති වෙන්න ඕනේ. ජනවාරි 5 - 10 වෙනකොට පළාත් පාලන ආයතන අනිවාර්යෙන්ම මැතිවරණ කොමිසම විසුරුවා හරින්න ඕනේ. එතැන ඉඳලා දින 14ක් ඇතුළත මැතිවරණය කැඳවන්න ඕනේ. අපි නම් නාවලපිටිය ආසනේ මැතිවරණයට සුදානම්. "


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now