තරුණ තරුණියන් විශාල පිරිසක් ගෙන්වා මහින්දාන්ද දුන් පොරොන්දුව..කරන්න යන දේ මෙන්න.

Sri Lanka Political Mahindananda aluthgamage
By Aruna Mar 20, 2022 11:07 PM GMT
Report

ශාලාවක් පිරෙන්න තරුණයන් ගෙනල්ලා මහින්දානන්ද දුන් පොරොන්දුව ඉදිරි වසර පහ තුලත් අපි රට පාලනය කරනවා.

ඉදිරි වසර පහ තුලත් වත්මන් රජයම මේ රට පාලනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බව පැවසුවේ, ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය ආසනයේ තරුණ බල මණ්ඩල රැස්විම (20) දින නාවලපිටිය පදනම් කාර්යාලයේ පැවති අවස්තාවේදිය.

මේහි විශේෂත්වය වුවේ රට තුළ කොතරම් ආණ්ඩු විරෝධී තත්වයක් පැන නැගුනත් පොදු ජන පෙරමුණේ නාවලපිටිය ආසනයේ තරුණ බල මණ්ඩලයට විශාල තරුණ තරුණියන් පිරිසක් එක් ව සිටීමයි.

රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර , රාජ්‍ය අමාත්‍ය ටි.වි.චානක යන මහතුන්ගේ සහභාගිත්වයෙන් පැවති නාවලපිටිය තරුණ බල මණ්ඩල රැස්විමේදි තරුණ තරුණියන් ලියාපදිංචි කිරිමක්ද සිදු කරනු ලැබුවා .

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ බලය ලබාගෙන වසර දෙකක් යනතුරු කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දුන් බවත්, එම කාලය තුල රටේ ජනතාවට පොරොන්දු වු දේ ඉටු කිරිමට නොහැකි වුවත් ඉදිරි වසර තුනක කාලයේදි එම පොරොන්දු ඉටු කිරිමට ජනාධිපතිවරයා ඇතුළු වත්මන් රජය පියවර ගන්නා බවයි. 

රජය පිලිබදව කිසිදු අයෙකු සැකයක් තබාගත යුතු නොමැති බවත්,ඉදිරි වසර තුන සහ ඉන් අනතුරුව තවත් වසර පහක් මේ රට පාලනය කරනු ලබන්නේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණු රජය බව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now