කථානායකගෙන් සියලු මන්ත්‍රීවරුන්ට විශේෂ දැනුම්දීමක්...

Parliament of Sri Lanka Mahinda Yapa Abeywardena Sri Lanka
By Aruna Jul 20, 2022 02:21 AM GMT
Report

ජනාධිපතිවරයෙක් තෝරාපත් කර ගැනීමේ ඡන්දය අද ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේදී ඡන්දය භාවිත කරන ස්ථානයට ජංගම දුරකථන රැගෙන නොයන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් දැනුම් දී තිබෙනවා.

අදාළ නීතිරීතිවලට අනුගත වෙමින් පාර්ලිමේන්තුව විසින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා අද පැවැත්වෙන ඡන්ද විමසීමේදී ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් එය සාර්ථක කර ගැනීම සඳහා සියලු පක්ෂවල සහාය අපේක්ෂා කරන බව කථානායකවරයා සියලු මන්ත්‍රිවරුන්ට දැනුම්දී ඇති බව සඳහන් ය.

රහස් ඡන්ද විමසීමේදී තේරිම්භාර නිලධාරියා ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මෙහිදී පවසා සිටියේ, 1981 අංක 2 දරණ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතට අනුව සියලු මාර්ගෝපදේශයන් මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now