අගමැතිගේ ගිණුමෙන් ගහපු ගේම ගැන අලුත්ම හෙළිදරව්ව මෙන්න.

Sri Lanka Political Mahinda Rajapakshe Uditha lokubandara
By Aruna Jan 30, 2022 04:57 AM GMT
Report

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු පාර්ලිමේන්තු කටයුතු ලේකම් උදිත් ලොකුබණ්ඩාර මහතා විසින් අග‍්‍රාමාත්‍යවරයාගේ ගිණුමකින් අයථා ලෙස ලබා ගන්නා ලද මුදල් කොටස් වශයෙන් ගෙවීමට එකඟතාවය පළ කර ඇත.

ඒ අනුව ඔහු අරලියගහ මන්දිරයට පැමිණ ඉන් රුපියල් මිලියන 2 කට වැඩි මුදලක් ආපසු ගෙනවිත් භාරදී තිබේ.

අගමැතිවරයාගේ අදාල ගිනුමෙන් රුපියල් කෝටි 5 කට ආසන්න මුදලක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමක දී මෙම එකඟතාවයට පැමිණ ඇත.

ඒ අනුව අදාල කටයුතු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නො ගනු ඇතැයිද වාර්තා වෙයි.

මේ අතර ලොකු බණ්ඩාර මහතා සඳහන් කර තිබුණේ තමන් එම මුදල් ලබාගත්තේ අග්‍රාමාත්‍ය වරයාගේ හිතවතුනට සංග්‍රහ කිරීම සඳහා බවයි.

එමෙන්ම අදාල මුදලින් කොටසක් තමන් වෙනත් ආයෝජනයක් සඳහා යොමු කළ බවද ඔහු සඳහන් කර තිබිණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now