අගමැති මහින්ද ඉල්ලා අස්වෙයිද? අගමැති ගෙන් විශේෂ ප්‍රකාශයක්!.නාමලුත් ඉවත් වෙයි?..

Sri Lanka Political Mahinda Rajapakshe Namal Rajapakshe
By Aruna Mar 27, 2022 06:22 AM GMT
Report

තමා අගමැති තනතුරෙන් ඉවත්වන බවට මේ දිනවල ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප‍්‍රචාරවලට රැවටෙන්නට එපා යැයි ජනතාවට කියන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මේ මොහොතේ අගමැතිකම අතහැර යෑමට හෝ වෙනත් අයෙකුට පැවරීමට තමාට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ද අගමැතිවරයා සඳහන් කරයි.

තමා හෝ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිළිබඳව විවිධ කතා පැතිර යෑමට ඉඩ තිබෙන බවත් මේවා පට්ටපල් බොරු බවත් අගමැතිවරයා පවසයි.

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සර්වපාක්ෂික සමුළුවට සහභාගිවීම පිළිබඳව අදහස් දැක්වූ අගමැතිවරයා රනිල් වික‍්‍රමසිංහ මහතා දේශපාලනයෙන් මුහුකුරා ගිය චරිතයක් බවද ඔහු සර්ව පාක්ෂික සමුළුවට සහය දීමට පැමිණීම සතුටට කරුණක් බවද කීවේය.

මේ අතර අමාත්‍ය මණ්ඩලය අඩු කිරීමට යෝජනා කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුන් දරන අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වී ආදර්ශයක් ලබාදෙන්නේ නම් තමන් ද ඒ අනුව යමින් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව පැවසීය.

“මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා යෝජනා කළා ඇමති මණ්ඩලයත් අඩු කරන්න කියලා.

ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන් ආදර්ශයක් වෙලා තමන්ගේ අමාත්‍ය මණ්ඩලයේ ඉන්න අය අස්කරගෙන මේක අඩුකරන තැනට ගෙනියන්න.

එහෙම වුණොත් මමත් ලෑස්තියි ඉල්ලා අස්වෙන්න.

මට ප්‍රශ්නයක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන් ආදර්ශය වෙන්න.

පොහොට්ටුවෙන් ආදර්ශය මම දෙන්නම්.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now