හිටපු ජනපති මහින්ද ගේ තංගල්ල නිවසට අද විශාල පිරිසක් යයි!!.

Mahinda Rajapaksa Sri Lanka Politician Sri Lanka Podujana Peramuna
By Aruna Nov 18, 2022 04:11 AM GMT
Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා.

ඒ මහතා අද දිනයේ සම්පූර්ණ කරන්නේ සිය දිවියෙහි 77 වන ජන්ම දිනයයි.

ඔහුගේ උපන් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් තංගල්ල කාල්ටන් නිවසට ඔහුට සුබ පැතුම් ගෙන යාමට සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ මහතාගේ උපන් දිනය වෙනුවෙන් නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයේ දී අද අලුයම කිරි අම්මාවරුන්ගේ දානමය පින්කමක් ද පවත්වා තිබේ.

අද පස්වරුවේ තංගල්ල නගර සභාවේ දී ජය පිරිත් දේශනයක්ද පැවැත්වීමට සංවිධානය කර තිබෙන බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now