මහින්ද රාජපක්‍ෂට යලි අගමැති ධූරය හිමි වෙයි?..
Mahinda Rajapaksa
Sri Lanka
By Aruna
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නැවතත් අගමැති ධූරය ලබාදීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග කියා සිටියි.
එම පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් අතර එම සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයිද සඳහන්ය.
ඒ අනුව ඉදිරි නොවැම්බර් මාසයේදී මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය හිමිවනු ඇති බව එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටී.
බැසිල් රාජපක්ෂ මහතාට දා අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමට සාකච්ඡා වන බව පැවසුවද කැබිනට් ප්‍රකාශක බන්දුල අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ එවන් සාකච්ඡාවක් කැබිනට් මණ්ඩලය තුළ සිදු නොවූ බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |