අගමැති මහින්ද යන්න හදයි.. අර්බුධය විසඳන්න ජනපති අලුත්ම තීරණයක් ගනී.

Basil Rajapaksa Chamal Rajapaksa Gotabaya Rajapaksa Mahinda Rajapaksa Namal Rajapaksa
By Aruna Apr 25, 2022 05:39 AM GMT
Report

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට තව දුරටත් එම තනතුරේ රැඳී සිටින ලෙස රාජපක්ෂ පවුල තුළින්ම දැඩි බලපෑම් එල්ල වෙමින් ඇතැයි වාර්තා වනවා.

රාජපක්ෂ පවුලේ සාමාජිකයන් එක් අයෙකු දෙදෙනෙකු හැරුණු විට අන් සියලු දෙනාම ගේම ඉල්ලීම වී ඇත්තේ අග‍්‍රාමාත්‍යවරයා තවදුරටත් ධුරයේ රැඳී සිටිය යුතු බවයි.

ආසන්න අවස්ථාවකදී අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වුවත් පවුලේ බලපෑම මත තවදුරටත් එම ධුරයේ රැඳී සිටින බව වාර්තා වනවා.

සෞඛ්‍ය තත්ත්වය යම් පිරිහීමට ලක්ව ඇති නිසා විවේක ගත යුතු යයි වෛද්‍ය උපදෙස් ලැබී ඇතත් මහින්ද රාජපක්‍ෂ මහතා තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටින්නේ පවුලේ සාමාජිකයන් විසින් කරන ඉල්ලීම මත බව ද වාර්තාවේ.

මේ අතර මහින්ද රාජපක්‍ෂ මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ තමන්ට පාර්ලිමේන්තුවේ 113ක මන්ත්‍රී සංඛ්‍යාවක සහාය නොලැබෙන්නේ නම් තවදුරටත් ධුරයේ රැඳී නොසිටින බවයි.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහත් මහනාහිමිවරුන් වෙත දැනුම් දී ඇත්තේ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව මහනාහිමිවරුන් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සහ යෝජනා සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඒ පිළිබඳව ක්‍රියා මාර්ග ගන්නා බවයි.

මේ අතර අන්තර්වාර පාලනයකට ජනාධිපතිවරයා කැමැත්ත පළ කර ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ප්‍රකාශ කළා.

පසුගිය දා ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් පවතින ආර්ථික අර්බුදයට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා මැදිහත්වන ලෙස ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර තිබූ අතර, ඊට පිළිතුරු ලිපියක් ඊයේ ජනාධිපතිවරයා විසින් මහනාහිමිවරුන් වෙත යොමුකර තිබුණා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් කියා සිටියේ, අන්තර්වාර පාලනයකට ඇති කැමැත්ත පිළිබඳවත් ආර්ථික ප්‍රශ්න කඩිනමින් විසඳීමට උත්සාහ කරන බවත් ජනාධිපතිවරයා පිළිතුරු ලිපියේ දක්වා ඇති බවයි.

පවතින ආර්ථික අර්බුද හමුවේ අන්තර්කාලීන් ආන්ඩුවක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡාව දිගින් දිගට ම ඇති වුණා.

කෙසේවෙතත් විරෝධතාවල නිරත දහස් ගණන් පුරවැසියන්, එකහෙලා ම ප්‍රකාශ කරන්නේ, ජනපති ඇතුළු සියලු නියෝජිතයින්ට ඉවත් වන ලෙස යි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now