ඉදිරි පැය 48 තීරණාත්මකයි..පාර්ලිමේන්තුවේ බල පෙරළියක්?..

Parliament of Sri Lanka Gotabaya Rajapaksa Mahinda Rajapaksa
By Aruna Apr 24, 2022 05:01 AM GMT
Report

 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් වීමට කටයුතු නොකරන්නේ නම් විශ්වාස භංග යෝජනාවක් හෙට දිනයේ සිට අත්සන් කිරීමට තීරණය වී ඇතැයි වාර්තා වනවා.

මෙම යෝජනාව සඳහා ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක්වූ කණ්ඩායමද සහාය දෙනු ඇති බවද සඳහන්.

අවශ්‍ය කරන අත්සන් සම්පූර්ණ කරගැනීමෙන් පසු ඊළඟ පාර්ලිමේන්තු දිනයක දී කතානායකවරයාට එය භාරදීමට නියමිතව තිබේ.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද හෝ හෙට දවස ඇතුලත සිය ධුරයෙන් ඉල්ලා අස් වීමේ වැඩි ඉඩකඩක් ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරනවා.

අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වීමට පෙර ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බව තමනට තොරතුරු ලැබී ඇති බවත් හෙතෙම පැවසීය.

දැනට ඇති තත්ත්වය මත පාර්ලිමේන්තුවේ විශ්වාසභංගය ජයගත හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද හෙතෙම සදහන් අවධාරණය කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now