සතියකට දිනක් අනිවාර්යයෙන් යා යුතු තැනක් ගැන අගමැති කියයි.
Sri Lanka
Mahinda Rajapakshe
By Aruna
සතියකට දිනක් හෝ පන්සල් යාම අනිවාර්ය කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේබැව් පැවසුවේ, පුත්තලම, මාදම්පේ ගල්මුරුව සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ අඩි 60ක් උසැති චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ අවස්ථාවට එක් වෙමින්.
*බෞද්ධයන් හැටියට අවම වශයෙන් පොහොය දිනයටවත් පන්සල් යාම මෙන්ම දරුවන් දහම්පාසල් යාම ද අනිවාර්ය කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ.
දරුවන් ආගමික කටයුතු වලට සහභාගී කර නොගත හොත් ඔවුන් නොමග යන බවත් අනෙක් ආගම් අදහනන පුද්ගලයන් ඉරිදා දිනයේ අනිවාර්යයෙන් පල්ලි යන බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |