අගමැති මහින්දට හදිසි ශල්‍යකර්මයක්.. චමල් රැස්වීමට පැමිණ පවසයි (VIDEO)

Chamal rajapksha mahinda rajapaksha surgery mouth sergery
By Sithumi Jan 27, 2022 05:08 PM GMT
Report

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හදිසි ශල්‍යකර්මයට භාජනය කර සිටින බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිත වූ උත්සවයකට ඔහු නියෝජනය කරමින් එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය.

අග්‍රාමාත්‍යවරයා එම ශල්‍යකර්මය හේතුවෙන් පැමිණෙන්නට නොහැකි වුවද අග‍්‍රාමාත්‍යවරයාගේ සුභාශිංසන පණිවිඩය ඉදිරිපත් කර ඇති බවද ඔහු එහිදී පැවසීය. 

 කෙසේ වෙතත් ‍අගමැතිවරයා කොළඹ නවලෝක රෝහලේදී ශල්‍යකර්මයකට භාජනය කරන ලද බවට වූ මාධ්‍ය වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරමින් ක‍්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා කිසිදු ශල්‍යකර්මයට ලක් නොකල බවත් තමන් සමග තම පියා නවලෝක රෝහලට ගොස් රෝගියෙකුගේ සුදු බැලීමක් සිදු කළ බවත්ය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now