පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියයි..
Kalutara
Mahinda Rajapaksa
Sri Lanka Politician
Sri Lanka Podujana Peramuna
Decision Making
By krishani
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ එම පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජයග්‍රහණය කළ හැකි නායකයෙක් ඉදිරිපත් කරන බවයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (17) කළුතර සීමාසහිත විවිධ සේවා සමූපකාර සමිතියේ සමූපකාර ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ය.
එහිදී එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ ය.
එයට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය සැමදා සිදුකළේ කයිවාරු ගැසීම පමණක් බවයි.
Sponsored By Sarrita Jewellery