අගමැතිගේ බැංකු ගිණුමෙන් මුදල් සොරකමක්..? "සාමාන්‍යයෙන් තාත්තාගේ සල්ලි ගන්නේ පුතාලා නේ " නාමල් කියන කතාව..(VIDEO) කවෙන
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නමින් රාජ්‍ය බැංකුවක තිබූ ගිණුමකින් රුපියල් කෝටි තුනහමාරක මුදලක් ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිතයෙකු විසින් වංචාකර ඇති බව පුවත්පත් අද (26) වාර්තාකර තිබුණි.
කෙසේවෙතත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ, මෙම වංචාව සම්බන්ධයෙන් තමන් නොදන්නා බවය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නමින් රාජ්‍ය බැංකුවක තිබූ ගිණුමකින් රුපියල් කෝටි තුනහමාරක මුදලක් ඔහුගේ ළගම සිටි නිලධාරියෙකු වසර 6ක කාලයක සිට වරින්වර වංචනික ලෙස ලබාගෙන ඇති බව ජාතික පුවත්පත් අද එලෙස වාර්තා කර තිබුණි.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ තොරතුරු වාර්තා කර ඇත්තේ එම නිලධාරියා අග්‍රාමාත්‍යවරයාගේ ATM කාඩ්පත උපයෝගී කරගෙන මෙම මුදල ලබාගෙන ඇති බවය. අදාළ ගිණුමේ තිබූ මුදල් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ සිට වැටුප් ලෙස ලැබූ මුදල් බවත්, එම ගිණුමේ මුදල් සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් හේතුවෙන් එය පරීක්ෂා කිරීමේදී මෙම වංචාව හෙළිවී ඇති බවත් වාර්තා වෙයි.
එම මුදල් වංචාව සිදුකර ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන හිටපු කථානායකරවයෙකුගේ පුත්‍රයෙකු බවද අදාළ පුවත්පත් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබුණි. මෙම මූල්‍ය වංචාව හෙළිවීමෙන් පසු එම නිලධාරියාව අග්‍රාමාත්‍ය පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සියලු තනතුරුවලින් ඉවත් කර ඇති නමුත්, මේ සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගැනීමට අග්‍රාමාත්‍යවරයා අපේක්ෂා නොකරන බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා,
"තාත්තාගෙන් තමයි අහන්න ඕනේ..එහෙම දෙයක් සිදුවෙලා තියෙනවා ද කියලා. මං දන්න හැටියට එහෙම දෙයක් නෑ. සාමාන්‍යයෙන් තාත්තාගේ සල්ලි ගන්නේ පුතාලා නේ. මේක වෙන කෙනෙක් අරන් කියලා තමයි කියන්නේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |