මැතිවරණයකට සූදානම්. මහින්ද කියයි
SLPP
Mahinda Rajapaksa
By Sithumi
ඕනෑම මොහොතක පවත්වන මැතිවරණයකට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණමඩුව ආසනබල මණ්ඩල රැස්වීමට එක්වීමෙන් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
"ජනතාව උසිගන්වන්න හදන අයට රට වෙනුවෙන් වගකීම් ගන්න කිව්වාම බෑ කියනවා. කතාවක් තියෙනවා.. පිස්සෝ කලබල වුණාට දොස්තරලා කලබල වෙන්නේ නෑ කියලා. අපේ ක්‍රමය රට ආපස්සට ඇදලා දාන ක්‍රමයක් නෙමෙයි. ගිනිතියන්න ලේසියි. හැබැයි ඒක නිවන්න අමාරුයි.
මැතිවරණයකට වුණත් අපි ඕනම වෙලාවක ලෑස්තියි."
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සම්මේලන මාලාවේ පළමු ආසනබල මණ්ඩල රැස්වීම අද (27) පුත්තලම ආණමඩුව ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී පැවැත් වුණි.
''මැර බලයට එරෙහි ජන බලය'' යන තේමාව යටතේ එය සංවිධානය කර තිබුණි.