අගමැති මහින්දගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..
රට තුළ ඉන්ධන අර්බුදයක් නොතිබූ අවස්ථාවක එවැනි අර්බුදයක් නිර්මාණය වුයේ දේශපාලන අවබෝධයක් නොමැති අය සිදුකළ විවිධ ප්‍රකාශ නිසා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ඒ, කුරුණෑගල පැවති උත්සවයකට එක්වෙමිනි.
කුරුණෑගල නාරම්මල මහජන පුස්තකාලය සහිත ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම එලෙස අද සිදුකෙරුණි. එම උත්සවයෙන් අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, "නැව්වලින් තෙල් බාන්න විතරයි තිබ්බේ. යම් යම් වැරදි ප්‍රකාශ නිසා මිනිස්සු කලබල වුණා. ඒ නිසයි මිනිස්සුන්ගෙන් පෝලිම් හැදුනේ.
දේශපාලන අවබෝධයක් නොමැති අය කළ දේවල්. ඒ තත්ත්වය අද වෙනස් වෙලා. ජනපති පැහැදිලිව අදහස් දක්වමින් රට සංවර්ධනය කරන්න කටයුතු කරනවා." එම උත්සවයට එක්වෙමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ආණ්ඩුව තුළ සිටිමින් විපක්ෂයේ කාර්යභාරය සිදුකරන පුද්ගලයින් ඉන් ඉවත් කිරීම අනිවාර්යෙන් සිදුවිය යුතු බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |