මැතිවරණ කොමිෂමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ගෙන් වගකිව යුතු බලධාරින් වෙත රිදෙනන් ලිපියක්...

Sri lanka Election Commission IGP Rambukkana protest Ministry of Public Security Mr. Mahinda Deshapriya Sri lanka sinhala News
By Subodha Apr 20, 2022 08:32 AM GMT
Report

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය විසින් ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ ඊයේ (19) දින රඹුක්කන විරෝධතාකරුවන්ට පොලීසිය විසින් සිදු කළ වෙඩි තැබීම සහ ඉන් සිවිල් වැසියෙකු මියයාම සම්බන්ධවයි.

හිටපු සභාපතිවරයා මෙම ලිපිය යොමු කර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත සහ පොලිස්පතිවරයා වෙතයි.

මහින්ද දේශප්‍රිය පෙන්වා දෙන්නේ, මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම පිළිබඳ ප්‍රකාශ කිරීමත්, පොලීසිය විසින් එලෙස වෙඩි තැබුවේ සාධාරණ හේතු මත යැයි කීම යන කරුණු එකිනෙකට පරස්පර විරෝධී බවයි.

මෙම උද්ඝෝෂණ ආරම්භ වීමට හේතු වන්නේ රට තුළ පවතින දැඩි ඉන්ධන හිඟය මුල්කරගනිමන් බව පෙන්වාදෙන මහින්ද දේශප්‍රිය සභාපතිවරයා කියා සිටින්නේ, මෙවැනි ම අරගලයක් ඊයේ දිනයේ දී රත්නපුර නගරයෙන් ද වාර්තා වුව ද, එහි කිසිදු මෙවැනි බරපතළ සිදුවීමක් වාර්තා නොවූ බවයි.

එබැවින් මෙම සිද්ධිය සහ පොලිස් වෙඩි පහරින් අයෙකු ජීවිතක්ෂයට පත්වීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බව පවසන හිටපු සභාපතිවරයා අවධාරණය කරන්නේ, මනුෂ්‍ය ඝාතනයක් සිදු නොවන අයුරින් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසියට ඕනෑ තරම් අවස්ථාව තිබූ බවට තමන් විශ්වාස කරන බවයි.

ජනතාවට උද්ඝෝෂණ කිරීමට අයිතියක් ඇති බව පසුගිය 18 වැනි දින ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර, පැය 24ක් යෑමට පූර්වයෙන් ජනතා උද්ඝෝෂණයකට පොලීසියෙන් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් අයෙකු ජීවිතක්ෂයට පත් වීම සහ මනුෂ්‍ය ඝාතන සිදු කිරීම ඛේදවාචකයක් සහ සරදමක් බවයි මහින්ද දේශප්‍රිය කියා සිටින්නේ.

මේ හේතුවෙන් මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් සහ විනවිදභාවයෙන් යුතුව පරීක්ෂණ සිදු කර, ඒ සඳහා අගතියට පත් පාර්ශ්ව වෙත සහාය ලබාදෙන නීතිඥවරුන් හට සහාය ලබාදිය යුතු බවත් හෙතෙම අවධාරණය කරනවා.

එමෙන්ම මෙම පරීක්ෂණයේ දී කිසිදු ලෙසකින් සත්‍ය වසන් කිරීමට හෝ යටපත් කිරීමට අවකාශය ලබා නොදීමට වගකිව යුතු නිලධාරින් සහ බලධාරින්ගෙන් තමන් ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටින අතර, මේ වනවිටත් ගාලු මුවදොර පැවැත්වෙන සාමකාමී ජන උද්ඝෝෂණවලට ජනතාව ප්‍රකෝප කරවන ආකාරයේ මැදිහත් වීම්වලින් වැළකී සිටීමටත් අදාළ නිලධාරින්ට දැනුවත් කරන ලෙසත් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය අවධාරණය කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....
join now