රාජපක්ෂවරු හදිසියේ තීරණාත්මක සාකච්ඡාවක..ඊයේ රෑ වෙච්ච දේ.
Basil Rajapaksa
Chamal Rajapaksa
Gotabaya Rajapaksa
Mahinda Rajapaksa
Namal Rajapaksa
By Aruna
රට තුළ ඇතිව තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජපක්ෂ පවුලේ සෙසු සාමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් කොටුව ජනාධිපති මන්දිරයේ දී ඊයේ (25)රාත්‍රියේ පවත්වා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමතිවරුන් වන ,චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට සහභාගි වී ඇතැයි වාර්තා වේ.
රට තුළ ඇතිව තිබෙන බරපතළ දේශපාලන සහ ආර්ථික අර්බුදය මෙන්ම ආණ්ඩුවට එරෙහිව ගෙන යන මහජන අරගලය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.
මෙම සාකච්ඡාව ඊයේ මැදියම් රැය වන තෙක්ම පැවති බවද දැනගන්නට ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |