නිදහස් පක්ෂයේ මහලේකම් ධූරය සම්බන්ධයෙන් ප්‍රකාශයක්..
Sri Lanka Politician
Sri Lankan political crisis
By krishani
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරයෙන් තමාව ඉවත් කළ බවට නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඒ ඊයේ(21) පැවති නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී එම තනතුරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පත් කිරීම ගැන අද (22) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව ඒ මහතා මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.
නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඇතුළු ජ්‍යෙෂ්ඨයින් 9 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය ඊයේ (21) තාවකාලිකව අත්හිටුවීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |