පොහොර මිල 4000කින් අඩු කිරීම ගැන දැනුම්දීමක්..ගොවීන්ට මෙන්න සතුටුදායක ආරංචියක්.!!

Aadhaar Inclusive Development For Agriculture and Rural Infrastructure Development Aid Arid Mahinda Amaraweera Ministry of Agriculture
By Aruna Aug 28, 2024 04:56 AM GMT
Report

මෙරට රබර් වගාවෙන් ලබන අස්වැන්න වැඩි කිරීම සඳහා රබර් වගාකරුවන්ටත් පොහොර සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මෙරට රබර් වගාවට වසර ගණනාවක් තුළ පොහොර දැමීමක් සිදු කර නැති බවට ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය විසින් කළ කරුණු අනුව පෙන්වාදී තිබේ.

ඒ අනුව වාර්ෂික රබර් කිරි අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂයේ සිට මෙට්‍රික් ටොන් 65,000 දක්වා අවම වී ඇති බවයි වාර්තා වන්නේ.

අද උදෑසන පාසල් ළමුන් පිරිසකට කතරගමදී ප්‍රහාරයක්..

අද උදෑසන පාසල් ළමුන් පිරිසකට කතරගමදී ප්‍රහාරයක්..


කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දී තිබෙන්නේ, මෙම කාරණය සැළකිල්ලට ගනිමින් රබර් වගාව සඳහා යොදන කිලෝ ග්‍රෑම් 50ක පොහොර මල්ලක් රුපියල් 9,500 සිට රුපියල් 5,500ක් දක්වා මිල අඩු කිරීමට පියවර ගන්නා ලෙසයි.

ඒ අනුව රබර් වගාව සඳහා ලබා දෙන එම පොහොර සහනාධාරය මෙම සතියේ සිටම ලබා දීමට පියවර ගෙන තිබෙන බවයි, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසා සිටියේ.

මේ වනවිට වී වගාව හෙක්ටයාර් එකක් සඳහා රුපියල් 25,000ක් වශයෙන් විශාල පොහොර සහනාධාරයක් ලබා දී ඇති අතර ඊට අමතරව තේ, පොල් හා කුරුඳු වගාවන් සඳහා රුපියල් 4000ක පොහොර සහනාධාරය ලබා දීමට රජය පියවර ගෙන ඇත.

තෙල් මිල යළි ඉහළ නගී..නව මිල ගණන් මෙන්න.

තෙල් මිල යළි ඉහළ නගී..නව මිල ගණන් මෙන්න.


එමෙන්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කර සිටියේ, රබර් වගාව සඳහා ද එම පොහොර සහනාධාරය වගාකරුවන්ට ලබා දීමට රජය පියවර ගත් බවයි.