"..ප්‍රධාන ලේකම් මමයි." නව ලේකම් ප්‍රතික්ෂේප කරමින් මහින්ද මැතිවරණ කොමිසමට යයි

Mahinda Amaraweera Thilanga Sumathipala Sri Lanka
By Sithumi Nov 28, 2022 01:42 PM GMT
Report

 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් තනතුරේ තමන් තවදුරටත් කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා මැතිවරණ කොමිසම වෙත දැනුම්දී තිබේ.

ලිපියක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන් ඉවත්කොට තිලංග සුමතිපාල නැමැත්තෙක් ඒ සඳහා පත්කර ඇති බවට ජනමාධ්‍ය හරහා තමන් දැනුවත් වුවද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු පක්ෂ එම වෙනස්කිරීම පිළිබඳව දැනුවත් වී නොමැති බවය.

එබැවින් එම කටයුත්ත ව්‍යවස්ථා විරෝධී, නීතිවිරෝධී කටයුත්තක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී. මේ හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් තනතුරේ වෙනස්වීමක් පිලිබඳ යම් දැනුම්දීමක් කොමිසම වෙත ලැබී ඇත්නම් ඒ සඳහා ක්‍රියාකිරීමෙන් වළකින ලෙසටද අමාත්‍යවරයා අදාළ ලිපියෙන් මැතිවරණ කොමිසමට දැනුම්දී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now