අගමැති රනිල්ට සුපිරි පිතිකරු මහේල ජයවර්ධන දුන්න සැර පිළිතුර..
ශ්‍රේෂ්ඨතම පිතිකරුවෙකු වන ඩබ්ලිව්. ජී ග්‍රේස්ව උපුටා පාර්ලිමේන්තුවේ දී ඊයේ(07) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිදුකළ කතාවට මෙරටින් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවකු වන මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුම ඔස්සේ දැඩි පිළිතුරක් ලබා දී තිබේ.
ඒ මෙම ශ්‍රේෂ්ඨ පිතිකරුවා එක්තරා තරගයක දී පළමු පන්දුවේ දී ම දැවී ගිය පසු ඔහු නැවත කඩුල්ල සවිකර පන්දුවට පහර දීමට සූදානම් වූ බවයි.එහි දී තරගයේ විනිසුරුවරයා ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කළ නිසා පිටියෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබෙන අතර එහි දී විනිසුරුවරයාට පිළිතුරු දුන් ඩබ්ලිව්. ජී ග්‍රේස් පවසා ඇත්තේ මෙතනට පැමිණ සිටින මේ දහස් සංඛ්‍යාත පිරිස බලාපොරොත්තු වන්නේ මා පන්දුවට පහර දෙනවා බලන්නට මිස ඔබගේ මෝඩ තීරණය බලන්නට නොවන බවයි.
මෙයට පිළිතුරු සපයන මහේල ජයවර්ධන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට පවසා සිටින්නේ ඔබ ඩබ්ලිව්. ජී ග්‍රේස් නොවන බව පළමුව සිහි තබා ගත යුතු බවත් ඔබ වැනි අසාර්ථක පිතිකරුවකු ඇතුළු අනෙකුත් අසාර්ථක පිතිකරුවන් තවදුරටත් පන්දුවට පහර දෙනු බලාසිටීමට මෙරට සාමාන්‍ය මහජනතාව තවදුරටත් සූදානම් නොමැති බවත් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |