නාවින්නේ බස් අනතුරක් - තුවාලකරුවන් රෝහලට
Accident
Srilanka Bus
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
අද (14) උදෑසන 6ට පමණ මහරගම නාවින්න ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව මහරගම පොලීසිය පවසයි.
නාවින්නේ බස් නැවතුම්පළේ සිට ප්‍රධාන මාර්ගයට බස් රථයක් ඇතුල් කිරීමේදී, මහරගම සිට කොළඹ දෙසට ධාවනය වූ තවත් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවිය.
දැනට එක් බස් රථයක් පොලිස් භාරයට ගෙන ඇති අතර, මහරගම පොලීසිය විසින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලැබේ. තුවාලකරුවන් මේ වන විට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.