දැඩි ලෙස අසාධ්‍යව නිවෙසට ආ අලි පැංචා විලාප නඟයි..(PHOTO)

Sri Lanka Elephant
By Sewvandhi Nov 13, 2022 08:32 AM GMT
Report

දැඩි ලෙස අසාධ්‍ය වු අලි පැංචකු නවගත්තේගම මහමැද්දෑව ප්‍රදේශයෙ නිවසක මිදුලකට අද දින අලුයම පැමිණ අසරණව වැටි සිටියදී වනජීවි නිළධාරින්ට දන්වා ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළේය.

මහමැද්දෑව ගම්මානය ආසන්නයෙ සිට ආරම්භ වන තබ්බෝව අභය භුමියෙ සිට පැමිණි බවට සැකකරන මෙම අලි පැටවා විදුලි අලි වැටෙන් පැන ගම්මානයෙ නිවැසියකුගෙ මිදුලකට පැමිණ සිටි බව කියයි.

වයඹ වනජීවි පශු වෛද්‍ය ඒකකයෙ පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතා පවසා සිටියෙ මෙම අලි පැටවා හක්ක පටස් පිපිරිමකට ලක්ව මුඛ්‍ය තුළ තුවාල සිදුව ඇති බවත් ඒ සමගම සිරුරේ ස්ථාන කිපයකට වෙඩි වැදි තුවාල සිදුවිමේන් සිරුර පිටත හා අභ්‍යන්තරය තුළ තුවාල සිදු විමේන් අසාධ්‍යව මෙසේ ඇද වැටි සිටි බවයි.

අවුරුදු පහක් පමණ වයසකින් යුත් මෙම අලි පැටවා අඩි පහක පමණ උසකින් යුක්ත බව වනජීවි නිළධාරින් පවසයි. අසාධ්‍යව සිටි අලි පැටවා පිහිට පතා නිවෙස ඉදිරිපිට මිදුලේ ඇද වැටි විලාප තැබු බව නිවෙස් හිමියා පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery