22 හැවිරිදි පෙම්වතියගේ ගෙළ කපා ඝාතනය කෙරේ..!

Sri Lanka murder case Madhirigiriya Yaya 11 Abhagas Wewa
By Sewvandhi Apr 10, 2022 09:11 AM GMT
Report

පෙම්වතා විසින් තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කළ 22 හැවිරිදි කාන්තාවකගෙ මළ සිරුරක් මැදිරිගිරිය, යාය 11, අඹගස්වැව ප්‍රදේශයේ නිවසකින් හමු වී තිබෙනවා.

එම ප්‍රදේශයේම ඇඟළුම් සේවිකාවක් ලෙස රැකියාවේ නිරත වී සිටි මියගිය කාන්තාව, සිය පෙම්වතා සමඟ අදාළ නිවසේ එක්ව වාසය කර ඇති බවට වාර්තා වන අතර, ඔවුන් අතර අද (10) පෙරවරුවේ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් අඹගස්වැව ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now