“88/89 සිවුරට මුවා වී දිවි බේරාගත් මාලිමා ඇමතිවරු අද සිවුරට එරෙහිවෙලා” - මධුර විතානගේ

Latest Headlines Sinhala news Puwath.lk Colombo politics heat up Sarvajana Balaya Party
By R.rishma Oct 14, 2026 03:16 AM GMT
Report

1988/89 කාලසීමාවේදී සිවුරට මුවා වී දිවි බේරාගත් මාලිමාණ්ඩුවේ ඇමතිවරුන් අද භික්ෂූන් වහන්සේලාට එරෙහිව කටයුතු කරන බව සර්වජන බලය මෙහෙයුම් ප්‍රධානී නීතිඥ මධුර විතානගේ මහතා චෝදනා කරයි.

මල්වතු පාර්ශ්වයේ මහනායක හිමියන් රජයේ පාර්ශ්වයට ප්‍රකාශ කළ යුතු කරුණු විපක්ෂයට ප්‍රකාශ කර ඇති බවට ද ඔහු අදහස් පළ කළේය.

එමෙන්ම, මහනායක හිමියන්ට සමගි ජන බලවේගය පෙනී ඇත්තේ නලින්ද ජයතිස්ස සහ ලාල් කාන්ත වැනි දේශපාලනඥයන්ගේ ආකාරයෙන් බව ද මධුර විතානගේ මහතා ප්‍රකාශ කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ වත්මන් දේශපාලන තත්ත්වය සහ භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් මතු වී ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමිනි.