මෙරට ජීවත්ව සිටි එකම වෙල් මුලාදෑනියත් මෙලොව හැරයයි..(PHOTOS)

English M.w.Mudiyanse Kotawehera Girilla Wel Muladhaniya
By Sewvandhi Jan 31, 2022 10:37 AM GMT
Report

ඉංග්‍රීසි ජාතිකයන් සමග මෙරට රාජකාරි කර ජීවතුන් අතර සිටි එකම වෙල් මුලාදෑනියා බව කියන එම්.ඩබ්.මුදියන්සේ මහතා අද (31) ජීවිතයෙන් සමුගත් බව කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළා.

කොටවෙහෙර, ගිරිල්ල ප්‍රදේශයේ පදිංචි ඔහු 106 වන උපන් දිනය සැමරුවේ පසුගිය ජනවාරි 07වන දිනයි. 

එම්.ඩබ්.මුදියන්සේ මහතාගේ අවසන් කටයුතු හෙට (01) සවස ගිරිල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery